Header Ads

Breaking News
recent

රජයේ තහනම නොතකා ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් කිලිනොච්චියේදී මහවිරු දිනය සැමරේ !

හවිරු දිනය සැමරීම සදහා 25 දා සවස කිළිනොච්චියේ සහ පුනරීන් ප්‍රදේශයේ පැවති උළෙලවල් වලට විශාල පිරිසක් සහභාගී වී තිබේ.

කිළිනොච්චියේ එම උළෙල කිළිනොච්චිය සමුපකාර ශාලාවේ පැවති අතර පුනරීන් ප්‍රදේශයේ මහවිරු උළෙල පවත්වා ඇත්තේ කුමුලමුනේ හන්දියේදීය.

මේ උළෙලවල් සදහා පැමිණි පිරිස මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සමරා පහන් සහ ඉටිපන්දම් දල්වා තිබේ.

අනතුරුව දානයක් පිරිනමා මියගිය පිරිසට පින් අනුමෝදන් කොට ඇති අතර උළෙලවල් වලින් පසුව මියගිය පිරිස සිහිපත් වීම සදහා නිවෙස් වල සිටුවීම පිණිස පොල් පැලය බැගින් ලබා දී තිබේ.

මේ මහවිරු උළෙලවල් දෙක සදහා මුදල් ආධාර සපයා දී ඇත්තේ දෙමළ ඩයස් පෝරාවේ ලන්ඩන් ශාඛාව මගිනි.

ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී ඇති නොවැම්බර් මස 26 වෙනිදා සහ මහවිරු දිනය යෙදී ඇති නොවැම්බර් 27 වෙනිදා උතුරේ බොහෝ ස්ථාන

වල මහවිරු සමරු උළෙලවල් පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඒ සදහා විශේෂ ස්ථාන තෝරාගෙන ඒවා අලංකාර ලෙස සරසා තිබේ.

රසාදි චතුරංගි ගමගේ
මව්බිම


No comments:

Powered by Blogger.