මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් හදන්න බිලියන 2500ක් යනවා.. මේ වන තුරු මුදල් වෙන් කර නෑ - RDA හිටපු සභාපති කියයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද කිලෝමීටර් ලක්ෂයක ව්‍යාපෘතිය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සඳහා ඉලක්ක කර ගන්නා ලද ව්‍යාපෘතියක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කරයි.
කිලෝමීටර එකක දුරක් මාර්ගයක් කාපට් කිරීමට රුපියල් මිලියන 25ක මුදලක් වැය වන බවත් ඒ අනුව කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම සඳහා රුපියල් බිලියන 2500 ක් වැය වන බවත් ඔහු පෙන්වා දෙයි.
නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධ කිසිදු මුදලක් වෙන් කර ඇති බව ද ඔහු පවසයි.
ප්‍රාග්ධන වියදම් ලෙස සැලකෙන රෝහල්, මහාමාර්ග, වාරිමාර්ග, පාසල්, වරාය, ආගමික ගොඩනැගිලි ආදී සියල්ල සඳහා වසරකට වෙන්වන්නේ රුපියල් බිලියන 800ක් පමණක් යයිද පවසන ඔහු ඒ අනුව රුපියල් බිලියන 2500ක් වැයකිරීමට ඒ සියළු මුදල් වසර තුනකට වඩා වැඩි කාලයක් ලබා ගත යුතු බවද ඔහු සඳහන් කරයි.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා වසරකට සාමාන්‍යයෙන් වෙන් කරන්නේ රුපියල් බිලියන 200ක් පමණක් යැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments: