එයාබස් ගණුදෙනුව ගැන ප‍්‍රශ්න කරන්න ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ හා ශමින්ද‍්‍ර රාජපක්‍ෂ CID කැදවලා - අසාත් සාලි
ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණයකට චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයන් දෙදෙනා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ශමින්ද‍්‍ර රාජපක්ෂ රහස් පොලිසිය වෙත කැඳවා ඇතැයි කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි මහතා සඳහන් කළේය.
කොළඹදී කැදවන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
කෙසේ නමුත් එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරන ශෂීන්ද‍්‍ර රාජපක්ෂ මහතා පවසන්නේ එම ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය සහ නොමඟ යවන සුළු එකක් බවයි.
තම ප්‍රතිරූපයට හානි කිරීමේ චේතනාවෙන් එකී ප්‍රකාශය ද්වේශසහගතව කර ඇතැයිද ඔහු කියා සිටියි.
තමන් හෝ තම සහෝදරයා කිසිදු අවස්ථාවක රහස් පොලිසියට කැදවා නැති බවද ඔහු අවධාරණය කරයි.

No comments: