Header Ads

Breaking News
recent

'වන රක්‍ෂිත එලි කරන්න ඉඩ දෙන්නැයි බලපෑම් කරලා' - ඇමති විමලවිර දිසානායකට විරුද්දව රටපුරා වනජිවි නිලධාරින් වර්ජනයක

නජිවි නිලධාරින්ට තර්ජනය කරමින් පොලෙන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුලට ඇතුල් කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවි නිලධාරින්ට බලපැම් කර තර්ජනය කිරිමට විරෝධය දක්වමින් (27) දින දිවයින පුරා වනජිවි නිලධාරින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා අවධාරණය කරයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් (26) දින ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියේ වනජිවි රාජ්‍යය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජිවි නිලධාරින්ට බල කිරිම සහ දෙපාර්තුමේන්තුව , බලධාරින් හෙදා දැකිමට විරුද්ධව එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය සහ වනජිවි එකමුතුව විසින් එක් දින සංකේතාත්මක වෘත්තිය ක්‍රියා මාර්ගයකට එලඹෙනවා.

මහවැලි කලාපයේ පොලෙන්නරුව ජල ගැලුම් නිම්නයේ රක්ෂිතයට අනවසරෙන් පුද්ගලයන්ට ඇතුල්විමට , අනවසර එලි පෙහෙලි කිරිම සදහ අවසර ලබාදෙන ලෙසට නිලධාරින්ට තර්ජනය කිරිම නිසා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹුණා.

මේක පැහැදිලිවම බලපැම් සහ තර්ජනය කිරිමක්. මේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ක්‍රියාවට විරෝධය පල කරමින් එක්දින අසනිප නිවාඩු වාර්තා කරමින් සංකේතාත්මක වැඩ වර්ජනයක් සිදු කරනවා.

මෙවැනි තර්ජනය නැති කිරිමටත් , නිතිගරුක සමාජයක් බිහි කිරිමටත් මෙය සිදු කරනවා.

කිසිදු රාජකාරි කටයුත්තකට අවතිර්ණ වෙන්නේ නැ , රාජ්‍යය අමාත්‍යවරයා වන අලින්ගේ අහාර ජලාය තමයි විනාශ කරන්නේ.

වන අලි ගම්වැදිමට වැලකිමට ඇති දේවල් තමයි රාජ්‍යය අමාත්‍යවරයා විසින් විනාශ කරන්නේ.

එයට එරෙහිව තමයි අපි කටයුතු කරන්නේ එහි වගකිම වනජිවි රාජ්‍යය අමාත්‍යවරයා භාරගත යුතුයි.

රක්ෂිත හරහා මාර්ගයක් ඉදි කිරිම සහ ගෘහස්ත එල ගවයන් රක්ෂිතවලට ඇතුල් කිරිමට නිලධාරින්ට බල කරලා තියෙනවා.

වනජිවි අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා , (27) දින උදැසන එ සම්බන්ධයෙන් පිලිතුරක් නොමැති වුවහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹෙනවා. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       


No comments:

Powered by Blogger.