Header Ads

Breaking News
recent

මෙරට ස්වර්ණමය ආර්ථික සංවර්ධන යුගය ඇති කළේ බැසිල්... දුප්පත් ජනතාව වෙනුවෙන් එතුමා පාර්ලිමේන්තු ආ යුතුයි - SB

මෙරට ආර්ථිකයේ ස්වර්ණමය වේගවත් සංවර්ධනය සිදුවුණේ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි යුගයේ බවත් මෙරට දුප්පත් ජනතාව වෙනුවෙන් ඒ මහතා යළි පාර්ලිමේන්තු පැමිණ ආර්ථික සංවර්ධනයට නායකත්වය දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අවධාරණය කරයි. 

"ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය බැසිල් මැතිතුමාට බාරදීලා තියෙනවා. එතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකයේ ස්වර්ණමය වේගවත් සංවර්ධනය වූ යුගයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමතිතුමා. එතුමා ඔය එළියෙ ඉඳගෙන නෙවෙයි, ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා මේකට නායකත්වය දෙනවා නම් ඒ තරමට මේ රටේ ජනතාවට, මේ රටේ දුප්පත් ජනතාවට හා මේ රටේ සංවර්ධනයට ඒක ශක්තියක් වෙනවා. 

මම හිතන්නෙ ඊළඟ ඇමති මණ්ඩල සංශෝධනයෙදි එතුමා පාර්ලිමේන්තු එන එක සිද්ධ වෙයි. මේ පුටු මේස පවා එතුමාගෙ දාඩියෙන් ශ්‍රමයෙන් බිංදුවේ ඉඳලා පටන් ගත්ත දේවල්. දූවිල්ලෙන් පටන් ගත්ත එකක් මේ පොදුජන පෙරමුණ කියන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

එසේම ජී. අයි. බට බෙදාහැරීම, ලිත් බෙදාහැරීම, සෙවිලි තහඩු බෙදාහැරීම යන චෝදනා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩු හුදෙක් දේශපාලන පළිගැනීම් සඳහා ගොනු කළ ඒවා බව පැවසූ දිසානායක මහතා ඒ කටයුතු සියල්ලම සම්පූර්ණයෙන් නීත්‍යානුකූල ලෙස රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකර ඇති බවත් තමන් ද ඊට සම්බන්ධ වූ නිසා තමන් පුද්ගලිකවම ඒ ගැන දන්නා බවත් වැඩිදුරටත් සඳහන් කළේය. 


No comments:

Powered by Blogger.