Header Ads

Breaking News
recent

ආණ්ඩුව ඇතුළෙ අපි හැසිරෙන්නෙ ගෙදර ඉන්න බල්ලා වගේ - ගම්මන්පිල

මෙරට LNG සැපයීම විදෙස් සමාගමට ලබාදීම සඳහා ගිවිසුම්ගතවීම, මෙරට ගෑස් නිධි කැණීම සඳහා විදේශ  ආයෝජකයන් ගෙන්වාගැනීමට අයිතකර ලෙස බලපාන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
 
ඔහු මේ බව පැවසුවේ අද (29) පැවති මාධ්‍ය හමුවකදීය.
 
"නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ට ගෑස් සැපයීම ආරම්භ වෙන්නේ 2023 සිට වසර පහකට. ඒ කියන්නේ 2023 - 2028 දක්වා තමයි ඒ අය ගෑස් සපයන්නේ. අපි හිතනවා මේ අවුරුද්දේ අග වෙද්දි වෙන්දේසිය පැවැත්වුවහොත් එතැන සිට වසර 3ක දී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2022 සිට ගත්තොත් 2025 සිට අපිට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධකයක් ලෙස බලශක්ති අමාත්‍යවරයා ලෙස මම දකිනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වුණ සෑම අවස්ථාවක දීම අපේ අමාත්‍යාංශයට එය බලපාන ආකාරය පිළිබඳ අපි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා තියෙන්නේ," යැයි පැවසීය.
 
"අපිට ප්‍රශ්ණය තියෙන්නේ යුගදනවි බලාගාරයේ 40%ක් නිව් ෆෝට්‍රස් එන්ජි සමාගමට දීම නෙමෙයි. ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය, 2023 සිට වසර 05කට ඇමරිකානු සමාගමකට හිමිවීම... ඒක බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්ණයක්."
 
ගිවිසුම්වලට එළඹුණු කිසිම කමිටුවක බලශක්ති අමාත්‍යංශයේ නියෝජිකයන් නොසිටිය බවත්, ඔහු මෙහිදී පැවසීය.
 
"මම දන්නේ නෑ ගෑස් ගිවිසුම කොච්චර කල් සාකච්ඡා කරා ද කියලා. දවසින් දෙකින් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් වෙනවා. උන් කොන්දේසි ඉදිරිපත් කරනවා, අපි එකඟ වෙනවා, ගිවිසුම ගහනවා. අපේ රටට අවාසිදායක ගිවිසුමකට මම නම් අත්සන් කරන්නේ නෑ," යැයිද ඔහු පැවසුවේය.
 
ආණ්ඩුව ඇතුළෙ හැසිරෙන්නෙ ගෙදර ඉන්න බල්ලා වගේ විපක්ෂය කතාකළ යුතු කාරණා ආණ්ඩුව තුළ සිටම කතා කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් පළ කළ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය :

"ආණ්ඩුව ඇතුළෙ අපි හැසිරෙන්නෙ ගෙදර ඉන්න බල්ලා වගේ. ගෙදරට අනතුරක් වෙන්න යනකොට තමයි බල්ලා බුරන්නේ... බල්ලා බුරද්දි බුරන දිශාව බලලා අනතුර හඳුනගන්නවා වෙනුවට බල්ලව පන්නලා දැම්මොත් ගෙදර කට්ටියගේ අවසානය තමයි සිද්ධ වෙන්නෙ."

(වීඩියෝ : නිවුස්ෆස්ට්) 


No comments:

Powered by Blogger.