Header Ads

Breaking News
recent

ඇමති අමරවීර ආණ්ඩුවේ ගැසට් ගැහිල්ලට දෙහි කපයි!

සහල් මිල පාලනය සහ සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙළ අසාර්ථක වුණේ වී සහ සහල් සම්බන්ධව මිල පාලන ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නිසා යැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඊයේ (30) ඇමැතිවරයා කියා සිටියේ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමක් තුළින් සාධාරණය ඉටු විය යුත්තේ ගොවියාට සහ පාරභෝගිකයාට වුවත්,  සහල් සහ වී පාලන ගැසට් පත්‍රය නිසා වාසි වූයේ අතරමැදියාට බවයි.

මාස 6ක් මහන්සිවී වගා කර ගන්න අස්වැන්නට ගැසට් මඟින් පාලන මිලක් නියම කිරීම සුදුසු නැතැයිද, මෙසේ අවිධිමත් ලෙස ගැසට් පළ කිරීමේ අවසාන ප්‍රතිඵලය මෙවැනි තත්ත්වයක් නිර්මාණය කළේ එබැවින් යැයි ඔහු කියා සිටී.

ආණ්ඩුවේ මෝල් පහ

සහල් මාෆියාව මර්දනය කොට සහල් බෙදාහැරීම විධිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සහල් මෝල් පහක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද මහින්ද අමරවීර මහතා පවසයි.

කැබිනට් මණ්ඩලයේ අවධානය මත රට පුරා ස්ථාන පහක රාජ්‍ය අංශයේ මේ සහල් මෝල් ඉදිකෙරෙන බවත්, එමඟින් ගොවීන්ගෙන් වී මිලදී ගෙන පාරිභෝගිකයාට සහන මිලට සහල් නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් කීය.


No comments:

Powered by Blogger.