Header Ads

Breaking News
recent

දකුණට සුභ ආරංචියක්... හඳුනාගත් මාර්ග සියල්ල කඩිනමින් සංවර්ධනය කරන්නැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් උපදෙස්!

දිවයින පුරා ජාතික මහාමාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව දකුණු පළාත් ජාතික මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් මාර්ග සියල්ල පුළුල් කොට කඩිනමින් සංවර්ධනය කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් උපදෙස් ලබා දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ගාල්ල නගරය හා ඒ අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට පාලම් 02ක් ඉදිකිරිමට සහ මාර්ග 08ක් පුළුල් කොට සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බවත් එම මාර්ග සංවර්ධනය වෙනුවෙන් මූලික සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවත්  අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව ඉත්තෑපාන සහ මාදුගඟ හරහා පාලම් 02ක් ඉදිකිරිම, කොළඹ ගාලු පාර අධිවේගී මාර්ග පිවිසුමේ සිට මුහුදු මාර්ගය දක්වා මංතීරූ 04කට පුළුල් කිරිම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුවේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල දක්වා නව මාර්ගයක් තැනීම, ගාල්ල බද්දේගම මාර්ගය හිරිබුර දක්වා පුළුල් කිරීම, ගාල්ල නගරයේ ප්‍රධාන වීදිය සංවර්ධනය කිරීම, ගාල්ල වක්වැල්ල මාර්ගය මංතීරූ 04කට පුළුල් කිරීම, රිච්මන්ඩ් හිල් පාර කරාපිටිය දක්වා පුළුල් කර සංවර්ධනය කිරීම, හිරිබුර හංදියේ සිට කරාපිටිය රෝහල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම, පින්නදූව සිට ගාලු පාර දක්වා ඇති මාර්ගයට සමාන්තරව නව සේවා මාර්ගයක් ඉදිකිරිම යනාදිය වේ.

මෙම සියළුම මාර්ග පද්ධති වලට අදාල මාර්ග සංඥා පුවරු, ආලෝක සංඥා පද්ධතීන්, වටරවුම් යනාදියද මීට සමගාමීව සංවර්ධනය කිරිමට යෝජිතය.
 
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය


No comments:

Powered by Blogger.