Header Ads

Breaking News
recent

එලියන්ත වයිට් බොරැල්ලේදී අවසන් ගමන් ගිය හැටි - (photos)

කොවිඩ් වැළඳී ජීවිතක්ෂයට පත්වූ එලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (සැප්. 23) සිදු කෙරිණි.

මින් කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරු 11.00ට බොරැල්ල කනත්තේදී එලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කළ බවය.

කොවිඩ් වැළඳීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍ය උපදේශයෙකු බව කියන එලියන්ත වයිට් මහතා ඊයේ (සැප්. 22) ජීවිතක්ෂයට පත්විය.

එලියන්ත වයිට් මහතා කොවිඩ් වසංගත පාලනය කිරීම සඳහා තමන්ට 'කුණ්ඩලිනී ශක්තිය' ඇති බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

පසුව, ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ද සම්බන්ධ වුණු බවට ද වාර්තා විය.

එමෙන් ම, ඔහු විසින් කොරෝනාවෛරසය මෙරටින් තුරන් වීමට යැයි සඳහන් කරමින්, ඇමතිවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ කර ගෙන ගංඟා කිහිපයකට මුට්ටි කිහිපයක් දැමීමට ද කටයතු කළේය.


No comments:

Powered by Blogger.