Header Ads

Breaking News
recent

බන්දුලට-ලසන්තට අභියෝග කරලා සුදුලූණු වංචාව හෙළි කරලා තනතුර දාලා ගිය තුෂාන් තවත් රහස් රැසක් හෙළිකරයි - (video)

මට නිතරම මරණ තර්ජන එනවා...මගේ බිරිද හා දරුවා රටින් ගියා

සතොස ආයතනයේ සිදුව ඇති සුදුළූණු වංචාව පිළිබදව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පළමු වතාවට කළ හෙළිදරව්වෙන් පසු මේ වනවිට රට ඇතුළේ මතුව ඇත්තේ මහත් ආන්දෝලනයකි.

මේ සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේ හේතුව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමටද පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් යළිත් වතාවක් තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අදහස් පළ කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී යළිත් වතාවක් තුෂාන් ගුණවර්ධන කියන්නේ සතොස යනු හොර ගුහාවක් බවකි.

එමෙන්ම බරපතළ ගණයේ වංචා දූෂණ රැසක් ඉහළ සිට පහළටම මෙහිදී සිදුවන බවද තුෂාන් ගුණවර්ධන මහතා කියා සිටියේය.

‘මාධ්‍ය දඩයම් කරන්න එපා. CID එකට ඕන දෙයක් මගෙන් අහන්න.සුදුළූණු විතරක් නෙවෙයි උදු, සීනි, පිටි මේ වංචාත් හොයන්න.’

‘මගේ බිරිද හා දරුවා රටින් ගියා.’

‘මට නිතරම මරණ තර්ජන එනවා’.

‘CID එකට කිව්වා කිසිම පරීක්ෂණයක් නැහැ.’

‘මම ජනාධිපතිතුමා එනකන් ඉන්නේ. සතොස දූෂණ වංචා සියල්ල මම හෙළි කරනවා.’

‘සමහර වෙලාවට එතුමා සතොස වහාවි.’

‘දේශපාඥයො මේ දූෂණ හොයන්න දෙන්නෙ නැහැ’

‘මම චමල් ඇමතිතුමාගෙ කාලෙ ඉඳලා දූෂණ වංචා හෙළිකළා.’

‘CID එකට සතොස දූෂණ file එක මුලින්ම දුන්නෙ මම.’

‘මම විධායක අධ්‍යක්ෂ නෙමෙයි කියලා ලසන්ත අලගියවන්න කියන්නේ බොරු.’

‘බන්දුල ඇමතිතුමා මාව දන්නේ නැහැලුනේ. ඇමතිතුමා එනකොට රැස්වීම් ශාලාවේ නැගිට්ට නැති එකම කෙනා මම.’ යනුවෙන්ද එහිදී ගුණවර්ධන මහතා සදහන් කර සිටියේය.


No comments:

Powered by Blogger.