Header Ads

Breaking News
recent

ජනතාවනි, පාරට බසිනු... මගේ දේශපාලන ජීවිතය විනාශ කළේ කළගුණ නොදත් බැසිල් – මර්වින් සිල්වා

කැලණිය ආසනයෙන් තමා ඉවත් කර මැතිවරණ අපේක්ෂකත්වය නොදී සිය දේශපාලන ගමන අවසන් කිරීමට කුමන්ත්‍රණය කළේ බැසිල් රාජපක්ෂ බව හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (17) මාධ්‍ය හමුවක් අමතමිනි.

බුදුන් වහන්සේ කළගුණ දැක්වීමට කිඹුල්වත් නුවරට ගියේ අද වැනි පොහෝ දිනක බවත් බැසිල් රාජපක්ෂ එවැනි කළගුණ නොදන්නා අයකු බවත් මර්වින් සිල්වා පෙන්වා දෙයි.

අනුර බණ්ඩාරනායක සමග බැසිල් දේශපාලනය කරන විට තමා ද එහි සිටි බවත් එකල කොල්ලන් ඔහුට ගල් මල එනවා යැයි විහිළු කළ බවත් ආචාර්ය සිල්වා සිහිපත් කළේ ය.

රටට කළ විනාශයට හෙණ වදන නිසා වහින වෙලාවට එළියට නොපැමිණෙන ලෙස ඇමැතිරුන්ට අනතුරු ඇඟවූ ආචාර්ය සිල්වා ජනතාවට පාරට බහින ලෙස ද ඉල්ලා සිටියේ ය.


No comments:

Powered by Blogger.