Header Ads

Breaking News
recent

තෙල් හිගය මැද පුත්තලම රත් කල අධිබල යතුරුපැදි, ප‍්‍රාඩෝ සවාරිය - පසුපස සිටියේ නාමල්ද? (VIDEO)

අධිබල යතුරුපැදි තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ගමන් කරමින් තිබු යතුරු පැදි සවාරියකට පුත්තලම ප්‍රදේශයේ දී ජනතාව විරෝධයක් පෑහ.

ඔවුන් කියා සිටියේ දැඩි ඉන්ධන හිඟයක් රටේ පවතිද්දී මෙවන් සවාරි සිදු කරන්නේ කෙසේද යනුවෙනි.

කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබූ මෙම යතුරුපැදි සවාරිය සමග අධි සුඛෝපභෝගී ජීප් රථ විශාල සංඛ්‍යාවක් එක්ව සිටියේය.

සවාරියට ඉදිරියෙන් පොලිස් පෙරගමන් යතුරුපැදි ගමන් කළ අතර එම පෙළපාලියේ අවසානයේ ඉන්ධන බවුසර ගමන් කල බවද කියති.

ප‍්‍රබල දේශපාලඥයකු මේ සඳහා මැදිහත් වී ඇතැයි ද වාර්තා පළ වේ. කෙසේ වෙතත් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අමාත්‍යවරයා මෙම වැඩසටහන සඳහා කිසිදු සම්බන්ධයක් නැති බවයි.


No comments:

Powered by Blogger.