Header Ads

Breaking News
recent

සීදූව ප්‍රදේශයේ කාණුවක කාන්තාවකගේ මළ සිරුරක්..රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ සිදුවීමක් මුල් කර ගනිමින් ඇතිවූ ආරවුලක්

සීදූව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ කැළෑ පල්ලිය මාර්ගයේ කාණුවක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 36ක්වූ ගාල්ල, නෙළුව ප්‍රදේශයේ පදිංචි එක් දරු මවකි.
අප වාර්තාකරු සඳහන් කළේ, මෙම කාන්තාව මීට වසර 6කට පමණ පෙර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවය සඳහා පැමිණ ඇති බව ය.

පසුව, ඇය සීදූව සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයෙකු සමග සීදූව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව පදිංචි වී සිට තිබේ.

මිය ගිය කාන්තාව රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ සිදුවීමක් මුල් කර ගනිමින් මෙම පුද්ගලයා සමග ආරවුලක් ඇති කර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය තවදුරට ත් සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ අලුයම 2:00ත් 3:00ත් අතර කාලයේ තුළ ඇය සහ මෙම පුද්ගලයා සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටින් ගමන් කරන බව ආරක්ෂක කැමරාවල සටහන් වී තිබූ බව ය.

පොලිසිය ලද තොරතුරුවලදී හෙළි වී ඇත්තේ, මෙම මෙම දේවස්ථානය ඉදිරිපිට මාර්ගය අසල කැපුම් තුවාල සහිතව මෙම කාන්තාව මිය ගොස් සිටියදී හමු වූ බව ය.

මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය මිගමුව රෝහලේ තැන්පත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Powered by Blogger.