Header Ads

Breaking News
recent

SJB එක්ක හැප්පෙනවද? නැද්ද ? තීරණයක් ගන්න ඩයනාට කල් දෙයි

සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් තමන් නෙරපීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යනවාද? ඉල්ලා අස්කර ගන්නවාද? යන්න තීරණය කිරීමට හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට ජුලි 07 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ (28) කල් ලබා දුන්නේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තම සේවාදායකයාට කල්  දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් පිළිගනිමින් ‍‍‍ශ්‍රේෂ්ඨාධිකරණ එලෙස කල් ලබා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

සමගි ජන බලවේගයේ පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් නෙරපීම වළකාලන නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍යඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

(රන්ජන් කටුගම්පොළ)


No comments:

Powered by Blogger.