Header Ads

Breaking News
recent

චන්ද්‍රයාන් - 2 වැඩ නවතයි

සඳමත නිරීක්ෂණ කටයුතු සඳහා ඉන්දියාවේ දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම වන චන්ද්‍රයාන් - 2 හි වැඩකටයුතු නවතා ඇතැයි වාර්තා වේ. ඉන්දීය වේලාවෙන් අද (15) පෙ.ව. 02.51ට මෙම චන්ද්‍රිකාව අභ්‍යකාශගතකිරීමට නියමිතව තිබුණද, විනාඩි 56ක් තිබියදී මෙහි කටයුතු නවතා දමා ඇත්තේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරන නව දිනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක වියදමෙන් සිදුකරන චන්ද්‍රයාන් - 2 මෙහෙයුම චන්ද්‍රයාවේ දක්ෂිණා ධ්‍රැවය මත පතිත වන පළමු අභ්‍යවකාශ මෙහෙයුමයි. එය, සඳමත ඇති වන භූකම්පන හා එහි ඇති ජලය හා ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරනු ඇත.

No comments:

Powered by Blogger.