Header Ads

Breaking News
recent

රවි ගේ කැබිනට් පත‍්‍රිකාවක් මංගල ප‍්‍රතික්‍ෂෙප කරයි.. කෝටි 36කට ගොඩනැගිල්ලක් කුලියට ගන්න යයි

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝධය පළකර තිබේ. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙන සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසයි.

දැනට එම අමාත්‍යංශය පවත්වාගෙන යන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ල ද වන අතර වර්ග අඩි 19800ක් සහිත එම ගොඩනැගිල්ලට වර්ග අඩියකට රුපියල් 74 ක් බැගින් මාසික කුලී මුදලක් ගෙවයි.

නමුත් නවම් මාවතේ නව ගොඩනැඟිල්ලට ගෙන යාමට යෝජනා කර ඇත්තේ වර්ග අඩි 44000ක ඉඩක් සඳහා වර්ග අඩියකට රුපියල් 260 බැගින් මාසික කුලියක් ගෙවීමට යෝජනා කරමිනි.

එම ගොඩනැගෙන ලබා ගැනීම සඳහා වසරක ඇප මුදල් ලෙස රුපියල් මිලියන 138ක් හා මාස පහක කුලිය එකවර ගෙවීමට තවත් රුපියල් මිලියන 206ක්, ගොඩනැගිල්ල ඇතුළු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 20ක් ද ආදී ලෙස රුපියල් මිලියන 364ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබින.

No comments:

Powered by Blogger.