Header Ads

Breaking News
recent

කෝවිල වටේ බැඳ තිබූ කොඩි ගලවා ඉවත් කරලා

කෝවිල වටේ බැඳ තිබූ කොඩි ගලවා ඉවත් කරලා

මුලතිව් සෙම්මාලෙයි නීරාවිඅඩි  ගණ දෙවි කෝවිල වටා බැද තිබූ සහ සිටුවා තිබූ කොඩි කණු හා කොඩි කිසියම් පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රී ගලවා දමා ඇති බව කෝවිලේ බාරකාර මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසියට පැමිණිලි කිරීමට සූදනමින් සිටින බව කී එම කෝවිලේ  පූසාරිවරයා මෙය කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්  ලෙස ඔවුන් විශ්වාස කරණ බවද කියා සිටියේය.

මෙම කෝවිල පිහිටා අත්තේ ගුරුකන්ද රජමහා විහාරයට යාබදව වන අතර එම කෝවිලේ බාරකරුවන් හා විහාරස්ථානය අතර දැඩි විරසකයක් පවතී.

මේ විරසකය වැඩි කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් ඔවුන් පසුගියදා කෝවිලේ පොංගල් උත්සවය සදහා දමන ලද කොඩි ගලවා දමන්න්ට අති බවද කෝවිලේ බාරකාර පූසාරීවරයා පැවසීය.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.