Header Ads

Breaking News
recent

ලංවීම පාඩු ලබද්දී සභාපති කොටි ගානක ජගුවර් එකක් අරගෙන

ලංකා විදුලිබල මණ්ඩලය බිලියන ගණනින් පාඩු ලබද්දී එහි සභාපතිවරයාගේ සුඛවිහරණය උදෙසා රුපියල් කෝටි 4 ඉක්මවූ ජගුවර් වර්ගයේ නිල රථයක් ලංවිම මුදල් වැය කරමින් මිලට ගෙන ඇති බව විදුලි වෘත්තීය සමිති චෝදනා නඟයි. ඛනිජ තෙල් සංස්ථාවට පමණක් රුපියල් කෝටි 8000ක ණය මුදලක් ගෙවීමට තිබියදී ලංවිම මුදල් මෙවැනි නිෂ්ඵල ක්‍රියා සඳහා යෙදවීම කනගාටුවට කරුණක් බවද ඔවුහු පවසති.

මේ ජගුවර් රථය ගෙන්වා ඇත්තේ කවුරුන් මැදිහත්වද යන්න හෙළි නොවූවද මීට සති කීපයකට පමණ පෙරදී ගෙන්වූ එම රථය ලංවිම සභාපති රඛිත ජයවර්ධන මහතා පරිහරණය කරන බව ඔවුහු “මව්බිම”ට පැවැසූහ.

ඉදිරියේදී මෙවැනිම තවත් රථ කිහිපයක් ලංවිම උසස් නිලධාරීන් වෙනුවෙන් ගෙන්වීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.

පසුගිය 2017 වසරේ පමණක් රුපියල් බිලියන 47ක පමණ පාඩුවක් ලැබූ ලංවිම වසරින් වසරට අගාධයට යවනවා මිස එය ලාභ ලැබීමට යොමු කරගැනීමට වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයටද අවශ්‍යතාවක් නොමැති බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වන බවද ඔවුන් පැවැසූහ.

හර්ෂනී අර්සකුලරත්න


No comments:

Powered by Blogger.