Header Ads

Breaking News
recent

ජනාධිපතිවරණයේදි එජාපෙ සුළු ජාතික පක්ෂවල සහය ඇමති කිරිඇල්ලටයි

නාධිපතිවරණයේදි සුඑ ජාතික පක්ෂවල සහයත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර වේලූකුමාර් මහතා පැවසීය. මන්ති‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කලේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දින මහනුවර දෙල්තොට ප‍්‍රදේශයේ වතු කම්කරු ජනතාවට ඉඩම් හිමිකම ලබාදෙන හරිත භූමි වැඩසටහනේදි අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ති‍්‍රවරයා,

මේ දිනවල ජනාධිපතිවරණය පිළිබඳව විවිධ අදහස්, මත පළවෙනවා. එක්සත් ජාතික පෙරමුණ මෙවර මෙගා සන්ධානයක් යටතේ ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. නමුත් මම ප‍්‍රකාශ කරන්න කැමතියි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළ යුතුයි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න. එවිටයි අපි තීරණය කරන්නේ ඔහුට සහය ලබාදෙනවාද නැද්ද යන්න. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පාර්ලිමේන්තුවේ සභානායක ලෙසත් කදුරට නායකයා ලෙසත් කටයුතු කරන අයුරු අපි දකිනවා. දැන් කාලය පැමිණ තිබෙනවා ඔබතුමාට ජාතික නායකත්වය ලබාගැනීමට.

කදුරටට දැන් ජාතික නායකත්වයක් අවශ්‍යයි. ඒ සඳහා ඔබතුමා ඉදිරිපත් වන්නේ නම් කදුරටින් ජාතික නායකත්වයක් බිහිකිරිමට අපේ සියඑ පක්ෂ සූදානමින් සිටිනවා.

– rajitha midea

No comments:

Powered by Blogger.