Header Ads

Breaking News
recent

රන්ජන් මෙවර උසස් පෙල විභාගයට ලියයි.. ඉන්පසු නීතීඥයෙක්

න අගෝස්තු මාසයේ දී තමන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

දේශපාලන විද්‍යාව, ජනමාධ්‍ය හා ක්‍රිස්තියානි ආගම යන විෂයන්ගෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් උසස් පෙළ විභාගයට තමන් පෙනී සිටින්නේ දෙවැනි වරට බවත් ඔහු පවසයි.

උසස් පෙළ විභාගයට තමන් පෙනී සිටින්නේ උපාධිය හැදෑරීම සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් උසස්පෙළ විෂයන් තමනට ඉගැන්වීම් සඳහා ප්‍රවීණ ගුරුවරුන් කිහිපදෙනෙක් නිවසට පැමිණ උගන්වන බව ද කීවේය.

තමනට විරුද්ධව නඩු ගණනාවක් ඇති නිසා ඒවාට මුහුණදීමේදී අධික නීතිඥ ගාස්තුවලින් ගැලවීම සඳහා තමන් නීතීඥවරයෙකු වී තමාගේ නඩුවලට තමාම මුහුණ දීමට සිතු බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.