Header Ads

Breaking News
recent

මහින්ද සමරසිංහ හා මොහාන් ලාල් ග්‍රේරෝත් ළඟදීම එජාපයට

මහින්ද සමරසිංහ හා මොහාන් ලාල් ග්‍රේරෝත් ළඟදීම එජාපයට
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ මොහාන් ලාල් ග්‍රේරෝ යන අය ඉතා නුදුරේදීම එජාපයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
ඉකුත් 9 සහ 10 යන දින පර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේදී ඔවුන් දෙදෙනා ඊට පක්ෂව ජන්දය දීමෙන් වැලකි සිටියේ ද ඒ හේතුව නිසාවෙනි. විශ්වාසභංගයේදී ඊට පක්ෂව ජන්දය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුනද ඔවුන් දෙදෙනා ඊට අවනත නොවී ජන්දය දීමෙන් වැලකි සිටියේය.
මහින්ද සමරසිංහ මහතා පහුගිය වකවානුව තුල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා සමීපව සහ විශ්වාසවන්තව සිටියද අද ඔහු ජනාධිපතිවරයාගෙන් දුරස්ව කටයුතු කරන බවද වාර්තා වේ.
මේ දෙදෙනාම සිය පාර්ලිමේන්තු දේශපාලන ගමන් මඟ ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයෙනි.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එජනිස මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුනි සොයිසා, පියසේන ගමගේ, ෆවුසි, ලක්ෂ්මන් සෙනවිරත්න, ඉන්දික බණ්ඩාරනායක සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දෙමින් සිටි.

No comments:

Powered by Blogger.