Header Ads

Breaking News
recent

වහබ්වාදයට විරුද්ද නුගේගොඩ රැළියට ආ අයට මහින්ද බැණලා..? ප‍්‍රබල හිමිනමක් කතාවත් වෙනස් කරලා..??

හබ්වාදී අන්තවාදයට එරෙහිව පසුගිය සතියේ නුගේගොඩදී පැවති රැස්වීමට පැමිණි අයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දොස් පවරා ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කරයි. එම වේදිකාවේ සිටියදීම ප‍්‍රබල හිමිනමක් වෙත විපක්ෂ නායකවරයා විසින් දුරකථන ඇමතුමක් ගත් බවත් ඉන්පසු එම භික්ෂූන් වහන්සේ තමන් සූදානම් වී පැමිණි කතාව වෙනුවට වෙනත් කතාවක් සිදුකරන ලද බව එම වාර්තාවල දැක්වෙයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන පක්ෂවල මැදිහත්වීමෙන් නුගේගොඩදී වහාබ්වාදී අන්තවාදයට විරුද්ධ ජනරැලිය පැවැති අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගි වී සිටියේ නැත.

-lankacnews

No comments:

Powered by Blogger.