Header Ads

Breaking News
recent

බංග්ලාදේශය ශ්‍රී ලංකාව දෙකේ කොලයට දමයි - ශ්‍රී ලංකා සංචාරයට සුපිරි ක්‍රීඩකයන් විවේක ගන්වා නවකයන් කැඳවයි !

එළඹෙන ශ්‍රී ලංකා සංචාරයට සිය සුපිරි ක්‍රීඩකයන් විවේක ගන්වා නවක ක්‍රීඩකයන්ට අවස්තාව ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව හා කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ. 

බංග්ලාදේශ කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන්ට අවස්තාව ලබා දිය යුතු බවත් ඒ සදහා සුදුසුම තරගාවලිය ශ්‍රී ලංකා තරගාවලිය බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේද අදහස වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව විවේක ගන්වා ඇති අතර ලෝක කුසලාන කී‍්‍රඩා කළ තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම විවේක ගන්වා තිබේ.

ෂකීබ් අල් හසන්ට අමතරව ඉදිරි පෙළ පිතිකරුවකු වන ලින්ටන් දාස් සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ආබු ජයෙඩ්වද විවේක ගැන්වීමට බංග්ලාදේශ ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අදාළ ක‍්‍රීඩකයන් වෙනුවට නවක ක‍්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

No comments:

Powered by Blogger.