පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨා නෙවෙයි චමල් ! - හැරිසන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාව නොව චමල් රාජපක්ෂ මහතාව බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නව සන්ධානය සඳහා අත්සන් තැබීමේ උත්සවයේ රූපරාමු නිරීක්ෂණය කිරීමෙන්ම මෙය මනාව පැහැදිලි වන බවයි ඒ මහතා සඳහන් කළේ.
එකී සුළු පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් තබන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට චමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස හඳුන්වා දීම සඳහා කටයුතු කෙරෙන ආකාරය පෙන්නුම් කෙරුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබාදීමට එරෙහිව රාජපක්ෂ පවුල තුළින්ම විවිධ විරෝධතා පැනනැඟී ඇති බව පැවසූ ඒ මහතා මෙතෙක් කිසිදු දිනයක මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබාදෙන බවක් ප්‍රකාශ කර නොමැති බව ද සිහිපත් කළේය.
පී. හැරිසන් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කැකිරාව ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

No comments: