Header Ads

Breaking News
recent

දත්ත පිටට දුන් ෆේස්බුක් දඩ කයි

ෆේස්බුක් සමාගමට එරෙහිව අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් අමෙරිකානු ඩොලර් බිලියන 5 ක දඩයක් පැනවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆේස්බුක් සමාගම විසින් සිය පරිශිලකයින් සතු දත්තවල රහස්‍යතාවය අනාවරණය කිරීමේ සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව මෙම දඩය පනවා ඇති බවයි. කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් සිදු කරන ආනාවරණයක් අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණි.

එමගින් අනාවරණය වූයේ, ෆේස්බුක් සමාගම මිලියන 87 ක පරිශීලකයින්ගේ දත්ත වෙනත් පාර්ශවවලට ලබාදී ඇති බවයි. බ්‍රිතානයේ දේශපාලන උපදේශන සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලටිකා යන සමාගම වෙත ෆේස්බුක් පරිශීලකයන් මිලියන 87කගේ තොරතුරු අනාවරණය කිරීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.

මෙම අර්බුදය මත පැනවිය හැකි දඩය ගෙවීම සදහා අමෙරිකානු ඩොලර් බිලියන 3ත් 5ත් අතර මුදලක් වෙන්කිරීමට සමාගම කටයුතු කර ඇති බව ෆේස්බුක් සමාගම මේ වර්ෂය මුලදි සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ෆේස්බුක් සමාගම මෙන්ම, ඇමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසමද ප්‍රතික්ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අදාළ නියාමන ආයතනය විසින් ආරම්භ කරනු ලැබුවේ වර්ෂ 2018 මාර්තු මාසයේදීය. 

ඒ අදාළ දේශපාලන උපදේශන ආයතනය ෆේස්බුක් පරිශීලක දත්ත මිලියන ගණනින් ලබාගෙන ඇති බවට හෙළිවීමත් සමගිනි. ඒ අනුව, තම පරිශීලක දත්ත තෙවැනි පාර්ශ්වයක් අතට පත් නොවන බවට ඔවුන් විසින් ඇති කරගෙන තිබෙන ගිවිසුම් දැඩිව උල්ලංඝනය කර ඇති අවස්ථාවක් ලෙස ඇමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම මෙය නිරීක්ෂණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

No comments:

Powered by Blogger.