Header Ads

Breaking News
recent

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදා හරී


 නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

ඒ, නීති විරෝධී අන්දමින් අලි ඇතුන් 05 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා 36ක් යටතේ පවරා තිබූ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී යී.

එහිදී එක් අයෙකුට රුපියල් 25,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.

විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැදිගේ යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැඳවනු ලැබූ අතර, විත්තිකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා අද විරෝධය පළ නොකළ බවටයි වාර්ථා වෙන්නේ.

විත්තිකරුවන්ගේ නීතිඥවරුන් නීතිපතිවරයාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව ඇප ලබා දීමට අනුමැතිය ලබා දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ලබන 30 වන දා යළි නඩුව කැඳවීමට නියමිත යී.

No comments:

Powered by Blogger.