Header Ads

Breaking News
recent

"අයියා කූජීත දේශපාලන ඉත්තෙක් වෙලා" ගෝඨාට නඩු දැමූ චන්ද්‍රගුප්ත තේනුවරගේ මල්ලි කියූ කතාව.!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුවට හිතවාදී සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙක් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ විසින් පෙත්සමක් ඉදිරිපත් කළ පුවත අප මින්පෙර වාර්තා කළා.

එහි අරමුණ වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුරවැසිභාවය අහෝසි කරගැනීම හෝ ජනපති මැතිවරණයේ නාම යෝජනා භාර ගන්නා තෙක් ඔහුගේ පුරවැසිභාවයට අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම බව කියවේ.

මේ අතර මෙම පෙත්සම ඉදිරිපත් කළ චන්ද්‍රගුප්ත තේනුවරගේ බාල සහෝදරයා වන ප්‍රවීණ ඡායාරූප ශිල්පී සහ ඡායාරූපකරණය පිළිබඳ දේශක ඉන්ද්‍රනාත තේනුවර සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් කතාබහට ලක්ව තිබේ.

එහිදී ඉන්ද්‍රනාත තේනුවර පෙන්වා දී ඇත්තේ සිය සොහොයුරාගේ කලා ප්‍රතිභාවට ලං විය නොහැකි වූවත් ඔහු මෙන් වත්මන් මජර දේශපාලනයේ ඉත්තෙක් නොවන බවයි.

ඔහුගේ එම සටහන පහතින්,

" අයියා අඳින එක ඉරක් අඳින්නට,
මට තව අවුරුදු 25ක්වත්
සතත අභ්‍යාසයේ යෙදෙන්නට සිදු වෙයි.
නමුත් අයියා මෙන් මේ වහුතු, මජර, කුජීත ‍‍දේශපාලන ගුබ්බෑයමක
ඉත්තකු වන්නටනම්
මට තව ශත වර්ෂ 25කින්වත් බැරි ම ය...!!"

















චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩගේ පැමිණිලි කිරීම ගැන බුකියේ පළවූ  නිර්මාණ කිහිපයක් පහතින් 






No comments:

Powered by Blogger.