Thursday, April 10 2025

Header Ads

සජිත් ජනපති වු පසු අගමැති වෙන කෙනා ගැන හර්ෂගෙන් ඉඟියක් !

ජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ඔහුට පූර්ණ නිදහසක් පවතින බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. නුගේගොඩ පැවති ජන හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා හෝ මෙතැනින් පසුව අගමැතිවරයා වන්නේ කවුරුන්ද පිළිබඳව නිශ්චිතව පවසා නැති බවයි.

මෙයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා කරවීමට වැඩියෙන්ම සටන් කළ අය අතර එක් අයෙක් වන්නේ තමා බවයි.

අගමැතිවරයෙක් තෝරන්න සජිත් ප්‍රේමදාස මහතාට සම්පුර්ණ නිදහස ලැබී ඇති බව පැවසු ඒ මහතා, එසේ තෝර ගනු ලබන අගමැතිවරයා දූෂණ චෝදනා නැති දක්ෂ වෘත්තීයවේදී මෙන්ම වැඩක් කළ හැකි තරයෙක් බව ද සඳහන් කළේය.

එනිසා ඒ තීරණය කෙලින්ම සජිත් ප්‍රේමදාස මහතා විසින් ගනු ලබන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Comment

Powered by Blogger.