Header Ads

Breaking News
recent

වාසුදේව නානායක්කාර කථානායකධුරයට ? හිටපු ජනපති මෛත්‍රීත් කථානායක තනතුර බලාපොරොත්තුවෙන් !

පාර්ලිමේන්තුවේ කථානායකධුරය සදහා වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා පත් කිරිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුවි තිබෙනවා.



නව කථානායකවරයෙක් පත්කර ගැනිමට
ආණ්ඩු පක්ෂයේ නායකයින් අතර අදහසක් ඇති බවත්, තමන්ගේ නම ඒ සදහා යෝජනාවි ඇති බවට දැනගන්නට ලැබි ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසිමකදී වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

වත්මන් කථානායක කරු ජයසුරිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ලද අමාත්‍ය මණ්ඩලය සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයක් පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගනු ලැබුවා.

හිටපු ජනපති මෛත්‍රීත් කථානායක තනතුර බලාපොරොත්තුවෙන් !

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තු පැමිණ කථානායක තනතුරට පත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් නොමැති බැවින් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමේ සූදානමින් සිටින අතර හිටපු ජනාධිපතිවරයා වශයෙන් තමන්ට කිසිවකු යටතේ කටයුතු කළ නොහැකි නිසාත් ඉහළම ගෞරවනීය තනතුරක් අවශ්‍ය නිසාත් කථානායක පදවිය කෙරෙහි ඒ මහතා උනන්දුවෙන් පසුවන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීම සඳහා පැවති සාකච්ඡාවලදී ද මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු තනතුර පිළිබඳ කේවල් කිරීමක් සිදුවුණු නමුත් අවසන් එකඟතාවක් පිළිබඳ වාර්තා වූයේ නැත.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැතැයි රාවයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පසුගිය දින කිහිපය තුළ පැතිර ගිය අතර තමන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රීලනිපය උත්සාහ ගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා බවට ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා ඊයේ චෝදනා කර තිබිණි.

No comments:

Powered by Blogger.