Header Ads

Breaking News
recent

කථානායක ක‍්‍රියාත්මකයි… චම්පික අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති කැදවා ප‍්‍රශ්න කරයි

ථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (2019.12.23) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි.
මෙහිදී, එලඹෙන 2020 ජනවාරී මස 03 දින සිදුවීමට නියමිත 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ වීම සහ ගරු ජනාධිපතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පිළිබඳව කටයුතු සිදුවිය යුතු ආකාරය තීරණය කෙරෙනි.

ගරු ජනාධිපතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප.ව 12.30 ට පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියමිත අතර, එහිදී, 2020 ජනවාරී 07 දින සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබද අවධානය යොමු කිරීම‍ට තීරණය විය. ජනවාරී මස 03 දින ප.ව 01.00 සිට ප.ව 06.00 දක්වා පාර්ලිමේන්තුව යලි රැස්වීමට අද දින පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කෙරුණු අතර, එහිදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සහ ගරු කථානායකතුමා විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම, මුලාසනයේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීම අනුපිලිවෙලින් සිදු කිරිමට තීරණය විය.

(කථානායක ධුරයට හිමි බලතල ප්‍රකාරව ජනවාරී 03 දින සභාව ආරම්භයේදී විපක්ෂ නායක අසුන නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෙන් කිරීමට මේ වන විට කථානායකවරයා විසින් තීරණය කර ඇති බව පක්ෂ නායක රැස්වීමට දන්වන ලදී).

ජනවාරී 03 දිනට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයද තමාවෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස අද දින කථානායකවරයා රජය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ නියෝජිතයන්ට දැනුම් දෙනු ලැබීය. අද දින පක්ෂ නායක රැස්වීමේ දී අවධානයට ලක් වූ තවත් සුවිශේෂී කරුණක් වුයේ පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීමයි.

එය මෙතෙක් අනුගමනය කල පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංගනය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය විය. මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු අදාල නිළධාරීන් කථානායකවරයා වෙත කැදවා දැනුවත් කිරීමට පියවර ගැනීමට තීරණය විය. එම අත්අඩංගුවට ගැනීමේ දී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබදව පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමට ද පක්ෂ නායකරැස්වීමේ දී තීරණය කරන ලදී.

අද දින පක්ෂ නායක රැස්වීම සදහා ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා,ගරු අමාත්‍යවරුන් වන:-අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන්වන:සජිත්ප්‍රේමදාස,ගයන්තකරුණාතිලක,රවුෆ්හකීම්,රවිකරුණානායක, අජීත් පී පෙරේරා, මනෝ ගනේෂන් ,නිරෝෂන් පෙරේරා යන මහත්වරු ද එක් වුහ.

– කථානායක මාධ්‍ය අංශය


No comments:

Powered by Blogger.