Header Ads

Breaking News
recent

හිටපු ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානි සහ දැව සංස්ථාවේ හිටපු සභාපති වැරදිකරුවන් වෙයි

රුපියල් කෝටි 2ක අල්ලසක් ලබාගැනීමට අදාළ නඩුවේ චෝදනාවට ලක්ව සිටි හිටපු ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානි අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පි.දිසානායක එම චෝදනාවන්ට වැරදිකරුවන් බවට පත්කර තිබෙනවා.

ඒ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින්.

ඒ අනුව රුපියල් කෝටි 2ක අල්ලසක් ලබාගැනීමට අදාළ නඩුවේ චෝදනාවට ලක්ව සිටි හිටපු ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානි අයි.කේ මහානාමට වසර 20 ක සිර දඩුවම් සහ රුපියල් 65000ක දඩයක් නියම කළ අතර අල්ලස් වශයෙන් ගත් රුපියල් කෝටි දෙකක මුදල යළි රජයට ගෙවන ලෙස නියෝග කළා.

ඊට අමතරව චෝදනාවට වරදකරු වූ දැව සංස්ථාවේ හිටපු සභාපති පි. දිසානායකට වසර 12ක සිර දඩුවම් නියම කළ අතර රුපියල් 55000ක දඩයක් නියම කරනු ලැබුවා.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ඇති අබලි යකඩ මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරය ලබාදීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී මොවුන් දෙදෙනා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක වාහන අංගනයක් තුලදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් චෝදනා 24ක් යටතේ නඩු පවරා තිබුණා.


No comments:

Powered by Blogger.