Header Ads

Breaking News
recent

ගානියා බැනිස්ටර් අද යළි මනෝ වෛද්‍ය මණ්ඩලය වෙත.



රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනීය අද (19) යළි ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ, විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහායි.

මෙම කාන්තාව පසුගිය සඳුදා මුල්වරට ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේදී විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කළා.

මේ අතර ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් රඳවා ඇති වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ “Y” වාට්ටුවේ තිබී ඊයේ (18) ජංගම දුරකතනයක් සහ සිම් පතක් හමුවී තිබෙනවා.

ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි කිරීමකදීයි.

මෙම ජංගම දුරකතනය සහ සිම්පත බන්ධනාගාරය තුළට රැගෙන ගොස් ඇත්තේ කෙසේදැයි තවමත් තහවුරු වී නැහැ.



No comments:

Powered by Blogger.