ලංකාවේ විදේශිකයන් 15,000ක්, පිටරටවල ලාංකිකයන් 17,457ක් හිරවෙලා
සංචාරක වීසා මත පැමිණි පුද්ගලයින් 15,000 ක් පමණ තවමත් රට තුළ සිටින බව වාර්තා වේ.
ඉදිරි දින කිහිපය තුළ තවත් ගුවන් ගමන් කිහිපයක් සිදු කිරීමට නියමිත අතර ඔවුන්ට එම ගුවන් යානාවලින් රටින් පිටව යා හැකි බව බලධාරීහු පවසති.
ඒ අතර වැඩිම විදේශිකයන් සංඛ්‍යාවක් සිටින්නේ ඉන්දියාවෙන් හා චීනයෙන් පිළිවෙලින් 2,386 ක් සහ 2,131 ක් වෙති.
එසේම රුසියාවෙන් 1,570 ක්, ජර්මනියෙන් 1,200 ක් සහ එක්සත් රාජධානියෙන් 1,159 ක් මෙසේ පැමිණ ලංකාවේ රැඳී සිටිති.
මේ අතර, සමහර රටවල් සහ සංචාරක ඒජන්සි විසින් සංවිධානය කරන ලද වරලත් ගුවන් ගමන් වලට අමතරව, විදේශිකයන්ට රටින් පිටවීමට හැකිවන පරිදි ගුවන් ගමන් කිහිපයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාව බලා පියාසර කිරීම සිදුකරනු ලබයි.
ලාංකිකයන් වැඩි පිරිසක් මැද පෙරදිග
මේ වන විට විදේශගත ශ්‍රී ලාංකිකයන් 17.457ක් ‘ශ්‍රී ලංකාව අමතන්න’ ඔන්ලයින් ද්වාරයෙහි ලියාපදිංචි වී ඇති බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙයින් 6773 ක් මැදපෙරදිග කලාපයෙන්, 1892 යුරෝපයෙන්, 1302 දකුණු ආසියාවෙන්, 1028 උතුරු ඇමරිකාවෙන් සහ 6000 කට වැඩි පිරිසක් ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් ද වාර්තාවන බව එහි දැක්වේ.
විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණය කරන ලද මෙම ද්වාරය බ්‍රහස්පතින්දා (2020 මාර්තු 26) දියත් කරන ලදී. එය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk හි සත්කාරකත්වය දරන අතර www.contactsrilanka.mfa.gov.lk වෙබ් අඩවියෙන් ද පිවිසිය හැකිය.
විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැපවූ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇත.
මේ අතර, ජපානයේ විශ්ව විද්‍යාලවල උපාධි ප්‍රධානයන් සිදුවන්නේ මාර්තු දෙවැනි සතියේදී බවත්, ඒ අනුව ලාංකික සිසුන්ගේ උපාධි ප්‍රදානෝත්සවයන්ට සහභාගිවීමට ගිය දෙමවුපියන් විශාල පිරිසක්ද ජපානය තුළ අතරමංව සිටින බව පැවසේ.
මේ අතර, එහි සිටින ශ්‍රී ලාංකිකයක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ කටුනායක ගුවන් තොටුපල වෙත පියාසර කරනු ලබන ගුවන් යානා බොහොමයක් එහි ගමන් කරනු ලබන්නේ හිස්ව බවත්, මේවන විට ලංකාවට පැමිණි ගුවන් මගීන් විශාල සංඛ්‍යාවක් නිරෝධනය වී නිවෙස් බලාගොස් ඇති බැවින් නැවත කණ්ඩායමක් ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවයි.

No comments: