ඊයේ මියගිය කොරෝනා ආසාදිතයා සිටි ගම වසා දැමෙයි - වගකීම් තේරුම් නොගන්නා මිනිසුන් නිසා රටම අවධානමක
මීගමුව රෝහලේදී ඊයේ දිනයේ්දී ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශය මේ වනවිට වසා දමා තිබෙනවා. එසේම අදාළ පුද්ගලයාගේ නිවසේ සිටි පුද්ගලයින් 16 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බවයිශී්ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.
64 හැවිරිදි අදාල පුද්ගලයා විදේශ රටක සිට මෙරටට පැමිණි අයෙක් නොවන අතර ඔහුගේ පවුලේ කිසිදු ඥාතියෙක් හෝ මෑත කාලයේදී විදේශ රටක සිට නිවසට පැමිණි බවට වන තොරතුරු නොමැති බවයි මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර කළේ.
කෙසේ වෙතත් එම පුද්ගලයා මිට දින 20 කට පමණ ඉහතදී යාපනය ප්‍රදේශයේ සංචාරය කොට යලි නිවසට පැමිණ ඇති අතර ඉන් අනතුරුව නිවසින් බැහැරව ගොස් නොමැති බවයි වාර්තා වුනේ.
අදාළ පුද්ගලයාට ඇතිවූ ශ්වසන අපහසුතාවයන් නිසා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ඒ සඳහා නෙබියුලයිසර් (හුස්ම ගැනීමට පහසු කරවන ප්‍රතිකාර ක්‍රමයක්) කර ගෙන ඇත ඇති අතර ඒ අනුව එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 30 දෙනෙක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

No comments: