Header Ads

Breaking News
recent

නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ !

නිරෝධායනය මධ්‍යස්ථානයකට යොමු කර සිටි ව්‍යාපාරිකයකුගේ ගරාජයක් බිඳ එහි භාණ්ඩ සොරාගැනීම හා ලග තබා ගැනීමට  සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිකවැරටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගරාජයක් බිඳ මෙසේ බඩු සුරාගෙන ඇති බවට අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතරේ ජනතා විමුක්ති පෙරමුණේ නිකවරටිය ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද සිටින බව නිකවැරටිය පොලිසිය සඳහන් කරයි.

නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිත නාවික සෙබළකු සමීපව ඇසුරු කළේ යැයි අදාළ ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ පසු මෙම සොරකම සිදුකර තිබේ.


No comments:

Powered by Blogger.