Header Ads

Breaking News
recent

ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනයට නතු වේ - දින විස්සකින් බාහිර සමාජයේ එකදු කොරෝනා රෝගියෙකු හෝ වාර්තා නොවේ

ත වූ දින 20 ක කාලය තුළ මෙරට බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්,  විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන කියාසිටියේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය බවයි.
කොළඹ ඇතුළු ප‍්‍රදේශවල ක්‍ෂේත‍්‍රයෙන් අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයින්ගෙන් පී සී ආර් පරීක්‍ෂණ සදහා නියැදි ලබා ගැනීම තවදුරටත් සිදු වනවා.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 584 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා පිටව ගොස් අවසන්.

ඒ, අද දිනයේද වෛරසය ආසාදනය වූ 15 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමගයි. ඒ අතරට කොළඹ බණ්ඩාරණායක මාවතෙන් පළමු වරට හදුනා ගත් කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවද අයත්.

මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1,027 ක්. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 434 ක් වනවා. අද දිනයේද කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුණු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ.

සමාජය තුළ රෝගය පැතිරීමේ අවදානම ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ප‍්‍රකාශ කළේ. පසුගිය කාලය සැලකීමේදී එය තහවුරු වන බවද ප‍්‍රකාශ කෙරුණා.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ නාවික සාමාජිකයින් 354 දෙනෙකු තවදුරටත් ප‍්‍රතිකාර ලබන බවයි.

-නෙත්


No comments:

Powered by Blogger.