Header Ads

Breaking News
recent

දැඩි ආතතිය නිසා මුදල් අමාත්‍යාංශ ලේකම් අසනීප වී රෝහල්ගත කෙරේ !

නාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ සහ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්. ඩබ්. ආර්. ප්‍රේමසිරි මහතාගේ ක්‍රියාකාරකම් හමුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා දැඩි පීඩනයකට ලක්ව සිටින බව "මුදල් අමාත්‍යාංශ ලේකම් ළඟදීම ඉල්ලා අස්වන ලකුණු" මැයෙන් යුතු පුවතකින් අපි මීට පෙර අනාවරණය කළෙමු.
මෙසේ දැඩි මානසික ආතතියකට ලක්ව සිටි ඒ මහතා මීට දින කිහිපයකට පෙර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් කර ඇති ඒ මහතාට බයිපාස් සැත්කමක් කළයුතු බවට මුලින් තීරණය වී ඇති නමුත් පසුව ස්ටෙන්ට් එකක් යෙදීමේ සැත්කමකින් අනතුරුව ඒ මහතා රෝහලෙන් පිටව ගොස් ඇත.

කෙසේවෙතත් තමන්ගේ සෞඛ්‍ය තත්වය මත මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එන පීඩනය තමන්ට දරාගැනීමට අපහසු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත දැනුම් දී ඇති ආටිගල මහතා තමන් ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු බැවින් මුදල් අමාත්‍යාංශයේ වගකීම්වලින් තමන්ව නිදහස් කර නැවතත් මහබැංකුවටම අනුයුක්ත කරන ලෙස ඉල්ලීමක් ද කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


No comments:

Powered by Blogger.