Header Ads

Breaking News
recent

පොතුවිල් මුහුදු මහා විහාරය ආරක්ෂාවට නාවික හමුදාව යොදවයි



දශක ගණනාවක් තිස්සේ නිසි බලධාරියෙකු විසින් සොයා බැලිමට ලක් නොකිරිම හේතුවෙන් පොතුවිල් මුහුදු මහා විහාරයේ අක්කර 72 රූඩ් 3 පචස් 37 භූමිය ඇතැම් පුද්ගලයන් විසින් අනවසරයෙන් පදිංචිව සිටි.1952 ගැස්ට් පත්‍රය සදහන් පරිදි විහාරස්ථානයට මෙම භූමි ප්‍රමාණය හිමිව තිබේ.

එම භූමයේ මතුපිට ඓතිහාසික නටබුන්ද තිබු බවට පුරා විද්‍යා නිර්දේශ තිබෙන අතර වසර තිහක් තිස්සේ පැවති යුද සමයත් සමග මෙම භූමිය අනවසරයෙන් ඇතැම් පුද්ගලයන් අල්ලා ගෙන ඇති බව මුහුදු මහා විහාරස්ථානයේ විහාරධිපති වරකාපෙල ඉන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ සදහන් කර සිටි.

උන්වහන්සේ මේ බව සදහන් කර සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන සුරක්ෂිත කිරිමේ වැඩසටහනේ මුල් අධියර වශයෙන් පොතුවිල් මුහුදු මහා විහාර දීඝවාපි රජමහා විහාරස්ථානය සහ අම්පාර එරගම පුරාණ මණික්කමඩු විහාරස්ථානය සංරක්ෂනය කිරිමේ වැඩ පිළිවේල පිළිබදව සොයා බැලිමට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  කමල් ගුණරත්න මහතා සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා (14) එම විහාරථාන පිළිබද සොයා බැලිමට සංචාරයක නිරත අවස්ථාවේදිය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය නාවුක් හමුදාපති සහ වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරින් රැසක් එක්විය
මෙහිදි අද දින සිට (15) නාවික හමුදාව මගින් එම විහාරස්ථානයේ ආරක්ෂාව සදහා නාවුක හමුදා අනුකන්ඩයක් එහි රැදවිමට තිරණය වු අතර ඉදිරියෙදි විහාරස්ථානයේ පැරණී නටබුන් ආරක්ෂා කිරිම සහ විහාරස්ථානයේ ඉඩම් පිළිබද නීතිමය වශයෙන් සොයා බැලිම් සිදු කරන බව ලේකම් මේජර් ජෙනරාල්  කමල් ගුණරත්න මහතා

No comments:

Powered by Blogger.