Header Ads

Breaking News
recent

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කිරීමට CIDය කැඳවයි


කොරෝනා ආසාදනය වූවන් 3 දෙනෙකු මිය ගිය බවට පසුගිය මාර්තු 16 වැනි දින තලාහේන ප‍්‍රදේශයේ සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද (29* ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා තිබුණි.

ප‍්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි සරත් ෆොන්සේකා මහතා පැවසුවේ එම ප‍්‍රවෘත්තියේ අසත්‍ය බවට යුද හමුදාපතිවරයාගෙන් කරුණු විමසා තහවුරු කරගත් පසු එය මාධ්‍ය හරහා පළ  නොකරන ලෙස  අදාළ මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නද ස්වාධීන රූපවාහිනී සේවයේ ප‍්‍රවෘත්තිවල සහ දෙරණ මාධ්‍ය ආයතනයේ  එය පළ වූ බවයි.

18 වැනිදාද මේ සම්බන්ධයෙන් නිවැරදි කරමින් මාධ්‍ය හමුවක් සිය කාර්යාලයේදී පැවැත්වූ බව සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. නමුත් කර තිබූ පැමිණිලි අනුව සිය කාර්ය මණ්ඩලයෙන්ද කටඋත්තර ගත් බව ෆොන්සේකා මහතා කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතා විසින්  නිවැරදි කළ එම පුවත්  ස්වාධීන රූපවාහිනීයේ  ප‍්‍රවෘත්තිවල පළ කළ බවට එම ස්ථානයේ සිටි ස්වාධීන රූපවාහිනී වාර්තාකරු සඳහන් කළ අතර ඊට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ තමන් එය නොදුටු බවයි.

කෙසේවෙතත් ඒ මොහොත වන විට රටේ ව්‍යාකූල තත්ත්වයක් පැවති අතර නිවැරදි නිල තොරතුරු විපක්ෂයට නොලැබුණු බව ඔහු ප‍්‍රකාශ කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් සමඟි ජනබලවේගයේ සිටින කණ්ඩායමකගේ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්විය.

සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තවම පිහිටුවලා නැහැ. අද හවස රැුස්වීමක් තියෙනවා. ඒකට මම යනවා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් තමයි සමඟි ජන බලවේගය පිහිටුවලා තියෙන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඒ ගැන ප‍්‍රශ්නයක් තියෙන්නේ බැහැ.

අපි තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්. නමුත් නාමයෝජනා දීලා තියෙන්නේ සමඟි ජන බලවේගයෙන්. එජාප සාමාජිකත්වය අහෝසි කළොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා.

අමාත්‍යංශ ලේකම් තනතුරු සඳහා හමුදා නිලධාරීන් යොදනවාට වඩා පරිපාලන ක්ෂේත‍්‍රයේ සිටින අයම යොදවනවා නම් හොඳ බවත් එම පත්වීම් සිදුලක ඇතැම් නිලධාරීන් ඉතා හොඳ පුද්ගලිකව දන්නා අතර විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට පත්කළ නිලධාරියා ඉතාම දක්ෂ නිලධාරියෙක් බවත් ඔහු හමුදාවට නැතිවීම බරපතල පාඩුවක් බවද  සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසුහ.

No comments:

Powered by Blogger.