"ලැජ්ජාවක් තියෙනවා නම් අස්වෙන්න ඕනේ" - විමල් මහින්ද එක්කත් හැප්පෙයි
ලැජ්ජාවක් තියෙනවා නම් මහින්ද දේශප්‍රිය ඔය තනතුරේ ඉන්නේ නැහැ යැයි විමල් විරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
අපිව හිරේ දානකොට උණු නොවිච්ච මහින්ද දේශප්‍රියගේ පඩුපුල් ආසනය රිෂාඩ් බදියුදින්ට කටඋත්තරයක් දෙන්න එන්න කියනකොට උණු වුනේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.
කොමිසමේ සභාපති හිතන් ඉන්නේ අපි දේශපාලන බබ්බු කියලා යැයිද විරවංශ මහතා ප්‍රකාශ කරයි. ඊට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ තමන් විමල් විරවංශ මහතාට උත්තර දීමට සූදානම් නැති බවත් තමන් උත්තර දෙන්නේ අදාළ ප්‍රශ්නයට බවය.
ඒ අනුව දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ පසුගිය මැතිවරණ කොමිසම් රැස්වීමකට රවී කරුණානායක හා රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ලිඛිතව ලිපි දෙකක් ලබා දුන් බවත් මැතිවරණ ප්රචාරක කටයුතු නිසා කටඋත්තරය ලබා දීම මැතිවරණයෙන් පසු අවස්ථාවක් ලබා දෙන එම ලිපි වලින් ඉල්ලීමක් කර තිබු බවයි.
මැතිවරණ කොමිසම එම ලිපි වැඩ බලන පොලිස්පතිවරයා වෙත යැවූ බවත් ඊට එහා කිසිදු පියවරක් මේ සම්බන්ධයෙන් නොගත් බවත් දේශප්‍රිය මහතා සඳහන් කරයි.

No comments: