Header Ads

Breaking News
recent

කලක සිට රට පටවපු කසල තේ අල්ලයි, Ceylon Tea විනාශ මුඛයට !

කොහුබත් අපනයනය කරන බවට වන ව්‍යාජ ලේඛන රේගුවට ඉදිරිපත් කර කලක පටන් මහා පරිමාණයෙන් කසළ තේ ඉරාකයට අපනයනය කරන ජාවාරමක් අල්ලා ගැනීමට රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය සමත්වී තිබේ.

මෙසේ ඉරාකයට ගිය සියලූම කසළ තේ තොග ශ‍්‍රී ලංකාවේ උසස්ම තේ බවට මෙම තේ ඇසුරුම්වල සඳහන්ව ඇති බවද වාර්තා වේ.

ශ‍්‍රී ලංකාවේ තේ ගැනුම්කරුවන් අතර ඉරානය මෙන්ම ඉරාකය ද වැදගත් තේ ගැනුම්කරුවන් වන අතර ඔවුන් දෙවැනි වන්නේ සුවිසල් තේ ගැනුම්කරු වන රුසියාවට පමණි.

මෙම කසළ තේ තොග විනාශ කිරීමට අනුමැතිය ලබාදී තිබුණද සෑම තේ කම්හලකම කසළ තේ අද කළු කඩයේ විකිණෙන අතර තේ මණ්ඩලය තම වගකීම හරිහැටි ඉටුනොකරන බවද  සිලෝන් ටී ලෙස අපනයනය වන්නේ මෙවන් කසළ තේ බවද තේ කර්මාන්තයේ යෙදී සිටින කර්මාන්තකරුවන් මැසිවිලි නඟයි.

මෙම කසළ තේ, කළු තේ (Black Tea) බවට පත්වන්නේ ඩයි වර්ග, නොයෙක් රසායන වර්ග, අළුහුණු හා පොටෑසියම් පර්මැන්ගනේට් වැනි ද්‍රව්‍ය එකතුකිරීමෙන් බවද පැවසේ.

No comments:

Powered by Blogger.