Tuesday, April 29 2025

Header Ads

බණ්ඩක්කා කොන කඩා ගන්නා තීන්දුව 20 විවාදය මැද ප‍්‍රමිත කියයි - (video)

පත්තුවක් වේලාසන දමා බලා හොඳ දැයි තීරණය කළ හැකි වූවත්. බණ්ඩක්කාවල කොන කඩා හොඳ දැයි බලන්න පරීක්ෂාකර හැකි වුවත් ඒ ආකාරයෙන් ව්‍යවස්ථාවක් හොඳද නරකද කියා මුලින් පරීක්ෂා කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

එනිසා ව්‍යවස්ථාවක හොඳ නරක දැකගැනීමට වන්නේ අත්දැකීමෙන් අවබෝධයෙන් යයිද මන්ත්‍රීවරයා පැවසීය.

එම පරීක්ෂණ සියල්ලෙන්ම 19 වන සංශෝධනය පසුගිය වසර 05 තුළ අසමත් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක වෙද්දීම පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් අධිකරණවල විනිසුරන්ට කතා කර නඩු තීන්දු වලට බලපෑම් කළේ යැයි පසු පැවසූ මන්ත්‍රීවරයා ස්වාධීන පොලිස් කොමිසම ක්‍රියාත්මක වී තිබියදීත් දූෂණ විරෝධී කමිටුව යැයි එකක් අටවාගෙන කැමැති කැමැති පුද්ගලයන් ඉලක්ක කර නීතිය නැවූ බවත් පසුව එම කමිටුව නීති විරෝධී යැයි එවකට අගමැතිවරයා ම පිළිගත් බවත් ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් පල කරමිනි. 


Leave a Comment

Powered by Blogger.