Header Ads

Breaking News
recent

20 ප‍්‍රශ්ණ ගණනාවක් තියෙනවා.. ඇමතිකම් නැතිවුනත් අබියෝගයට මුහුණ දෙනවා - ශ‍්‍රීලනිපය කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 20 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ප්‍රශ්න ගණනාවක් ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් එම ගැටළු ප්‍රසිද්ධියේ කතා කරා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නැති බවද ඔහු පැවසීය.

පක්ෂයක් ලෙස 20 වන සංශෝධනය ගැන වන යෝජනා අදහස් ලිඛිතව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කොළඹ දී සංවිධානය කර තිබූ සමරු උත්සවයක් අමතමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්‍ෂයක් ලෙස ශක්තිය දිය යුතු බවද මහලේකම්වරයා තවදුරටත් එහිදී කියා සිටියේය.

මේ ගමන අසීරු ගමනක් බවත් එහිදී ඇමති ධුර මන්ත‍්‍රී ධුර, සංවිධායක ධුර අහිමි වුවද අභියෝගයට මුහුණ දීමට සූදානම් යයිද ඔහු තව දුරටත් පැවසීය. 


No comments:

Powered by Blogger.