Header Ads

Breaking News
recent

දින 08ට ආසාදිතයන් 1150යි.. කොළඹ කොරෝනාවට ලොකුවටම සූදානම් වෙයි.. ගොඩනැගිලි 35ක් නිරෝධායනයට සූදානම් කරයි

කොළඹ නගර සීමාවේ වෛරස ව්‍යාප්තියත් සමඟ කොළඹ නගර සභාව සතු ගොඩනැගිලි 35ක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට තීරණය කර තිබේ.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරන්නේ නගර සභාව යටතේ ඇති වෛද්‍ය සායන සහ ප්‍රජා මධ්‍යස්ථාන ගොඩනැගිලි මේ ආකාරයෙන් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කරන බවයි.

දැනටමත් මේ වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් පවසන ඇය ඊට අවශ්‍ය අරමුදල් පවා වෙන් කර ඇතැයි ද කියා සිටියාය.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට ආහාර බෙදාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇතැයි නගරාධිපතිනිය සඳහන් කළාය.

ඇය තව දුරටත් සඳහන් කරන්නේ මහ නගර සභා සීමාව තුළ දින අටක කාලයක් ඇතුළත පුද්ගලයන් 1150 ආසාදිතයන් යයි තහවුරු කරගත් බවයි.


No comments:

Powered by Blogger.