Header Ads

Breaking News
recent

කොළඹ නගරයේ කොරෝනා ආසාදිතයන් තිස්දහසක් නිදැල්ලේ.. අහඹු පරීක්‍ෂණවලින් 5%කට කොරෝනා !

මේ වන විට කොළඹ නගර සීමාවෙන් පමණක් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2850 බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

එවන් හතර ගුණණයක ප්‍රමාණයක් සමාජයේ සැරිසරමින් සිටිනු ඇතැයි විය හැකි බවද ඔහු පැවසීය.

කොළඹ නගරය තුළ අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂණ 400ක් පරික්ෂා කරද්දී 19කට කොරෝනා ආසාදිතයන් බව හෙළි වූ බව ද පැවසූ ඔහු ඒ අනුව සාමාන්‍යයෙන් 5% ප්‍රමාණයක් ආසාදිත වී ඇතැයිද පැවසීය.

එය කොළඹ නගර සීමාවේ ලක්ෂ 6 ක් ජනතාවට ආදේශ කළහොත් 30,000 පමණ පිරිසක් වෛරසය සමග සමාජය තුල සිටිය හැකි යැයිද ඔහු කියා සිටියේය.

ඔවුන් සියලු දෙනාම වෛරසය ඇඟේ ඇතත් පතුරනවා යැයි කිව නොහැකි බවද පැවසූ ඔහු ජනතාව ඒ අනතුර දැනගත යුතු බවද පැවසීය.

කොළඹ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් මේ බව කියා සිටියේය.


No comments:

Powered by Blogger.