Header Ads

Breaking News
recent

ඊයේ සිදුවූ කොවිඩ් මරණ 5 පිළිබඳ තොරතුරු



 ඊයේ (11) තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගියේ ය.


සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ, පසුව සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගත් බවයි.


ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම හා ස්වසන පද්ධතියේ ඇතිවූ සංකූලතාවක් මරණයට හේතුවී තිබේ.


කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක ද සිය නිවසේදි මිය ගියේ ය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ , කොරෝනා ආසාදනය හේතුවෙන් උත්සන්න වූ අධි රුධිර පීඩන තත්ත්වය මත ඇති වු හෘදයාබාධයක් මරණයට හේතුවී ඇති බවයි.


කොළඹ 11 පදිංචි අවුරුදු 40 පුද්ගලයෙකු ද ජාතික රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇතිවු හෘදයාබාධයකි.


කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද මිය ගොස් තිබේ.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීම නිසා පසුගිය 1 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බවයි.


ප්‍රථිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදනය වීමෙන් ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් එම පුද්ගලයා ද මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.


පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු ද මිය ගොස් තිබේ.


මරණයට හේතුව කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවු හෘදයාබාධයකි.


මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,350 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඒ තවත් කොරෝනා ආසාදිතයින් 626 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.


ආසාදිතයින් 646 දෙනෙකු ඊයේ සුවය ලැබූහ.


ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,183 කි.


කොරෝනා ආසාදිතයින් 5121 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

No comments:

Powered by Blogger.