Header Ads

Breaking News
recent

යාපනයේ බිම් බෝම්බයක් පුපුරා යයි..

යාපනය චාවක්චේරි පොලිස වසමට අයත් සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා යාමෙන් එක් අයෙකු තුවාල ලබා ඊයේ (07) දින රෝහලගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පැවසීය. අදාල පුද්ගලයා ගවයින් රැගෙන කැලෑබද ප්‍රදේශයකට ගොස් ඇති අතර එහිදී කැලෑවේ වලදමා තිබූ බිම්බෝම්බයක් පෑගීමෙන් බිම්බෝම්බය පුපරාගොස් ඇත.

බිම්බෝම්බය පුපුරා යන අවස්ථාවේදී ගසකට ආවරනය වී සිටීම හේතුවෙන් එම පුද්ගලයාගේ ජීවිතයට හානියක් සිදු නොවී ඇති අතර පාද වලට තුවාල සිදු වීම හේතුවෙන් එම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල ප්‍රදේශයේවලදමා තිබූ බිම් බෝම්බයක් මෙලෙස පුපුරා යන්නට ඇති බවටත් බිම්බෝම්බය පුපුරා යාමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ තත්වය බරපතල නොවන බවටද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Powered by Blogger.