Header Ads

Breaking News
recent

ජනපති නියමයෙන් තවුහිද් ජමාද් ප‍්‍රකාශය ගැන පොලිස් පරීක්‍ෂණ

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදාන කිරීමට ජනාධිපතිවරයා විසින් අවසර දුන්නේ යැයි එම සංවිධානය විසින් නිකුත් කර තිබෙන නිවේදනය ගැන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා වින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඊට අදාළ පැමිණිල්ල තමා ජනාධිපතිතුමාට යොමු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයන් කොරෝනා ආසාදනය වී මිය ගියහොත් එම දේහයන් භූමදානය කිරීමට අවසර දී තිබෙන බව සඳහන් කරමින් තවුහිත් ජමාත් සංවිධාන නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය ගැන තමන් විමසූ බවත් එවැනි අවසරයක් මේ දක්වා ලබාදී නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කොරෝනා ආසාදිතයන් මිය ගිය පසු එම දේහයන් ආදාහනය කිරීමට උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් අධ්‍යනය කරමින් සිටින බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා ආසාදිත පුද්ගලයන් මියගිය පසු දේහයන් භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතියක් හිමිව නැති බවද දොලවත්ත මහතා පැවසීය.

තමන් මේ පවසන්නේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නයක් නොව සියලු ජාතීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.


No comments:

Powered by Blogger.