හරින්ගේ දඩිබිඩි වැඩ ගැන සජබේ ජේෂ්ඨයන් අවුලේ !
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පක්ෂයේ වගකිවයුතු කිසිවෙකුටත් දැනුම් නොදී සිය හිතු මනාපයට කරන කටයුතු පිළිබඳව එම පක්ෂයේ ජේෂ්ඨයන් තුළ විරෝධයක් මතුවෙමින් තිබේ.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් සංවිධානය කරන ආණ්ඩු විරෝධී වැඩ කටයුතු පිළිබඳව පක්ෂයේ ලේකම්වරයාව හෝ ජාතික සංවිධායකවරයාව හෝ වෙනත් වගකිවයුතු ජේෂ්ඨයන්ව දැනුවත් නොකරන බවට චෝදනා මතු වෙමින් තිබේ.
විශේෂයෙන්ම බදුල්ලේ දී පැවති අලුතින් බිහි කිරීමට නියමිත සමගි ජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැති සමුළුවට තමන්ට කැමති අයට පමණක් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ආරාධනා කොට තිබෙන බවටද චෝදනා එල්ල වේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනයෙන් ඉවත්ව ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනට පිවිසෙන බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කිහිපවිටක් ප්‍රකාශ කළ ද තවමත් ඔහු බදුල්ලේ සමගී ජන බලවේග කටයුතු වලට මැදිහත් වෙමින් ප්‍රශ්න ඇති කරමින් සිටින බවත් එම තත්ත්වය පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පක්ෂ නායකත්වයට පවා දැනුම් දී තිබෙන බවද දැනගන්නට තිබේ.
පසුගිය මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කොට මනාප විසිපන්දහසකට වැඩි ප්‍රමාණයක් ලබාගත් සමගි ජන බලවේගයේ පක්ෂ නායකයකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතාට පවා මෙම සමුළුවට ආරාධනා කිරීම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා උවමනාවෙන්ම මග හැර තිබෙන බවටද කරුණු හෙළිදරව් වෙමින් තිබේ.
No comments: