කොවිඩ් අනතුරුදායක මට්ටමට ලඟා වීම නිසා ‘ලංකාව ඇතුළු රටවල් 11කට’ ජපානයේ දොර වැසේ !
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් 11කින් විදේශිකයන් පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.
එය ජපානයේ පදිංචිකරුවන් නොවන විදේශීකයන්ට විශේෂයෙන් බලපවත්වන බවයි අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා නිවේදනය කළේ.
මෙලෙස ජපානය විදේශිකයන් පැමිණීම අත්හිටුවා ඇති අනෙකුත් රටවල් වන්නේ වියට්නාමය, චීනය, දකුණු කොරියාව, තායිවානය, හොංකොං, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, සිංගප්පූරුව සහ මැලේසියාවයි.
අද සිට බලපැවැත්වෙන මෙම මෙම තහනම පෙබරවාරි 7 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි ජපාන රජය නිවේදනය කළේ.
එමෙන්ම ජපානයේ මේවන විට ක්‍රියාත්මක හදිසි තත්වය ද තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.
ජපානයෙන් අද දිනයේ මේවන විට නව කොරෝනා ආසාදිතයන් 4527ක් වාර්තාවී ඇති අතර අද දිනයේ පමණක් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 51ක්.
ජපානයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා තිබෙනවා.
සමස්ත මරණ සංඛ්‍යාව 4158ක්. පුද්ගලයන් 61500ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ජපානයේ හදිසි තත්වය තුල සමාගම් බලධාරීන්ට රජය උපදෙස් ලබාදී ඇත්තේ හැකිතරම් සේවකයන් ප්‍රමාණයක් නිවසේ සිට රාජකාරී සඳහා යොදවන ලෙසටයි.
කාර්යාලීය සේවක ප්‍රතිශතය 70ක මට්ටමක පවත්වා ගන්නා ලෙසට ද දැනුම්දී තිබෙනවා.
කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය කරුණුවලට හැර නිවෙස්වලින් පිටතට නොයන ලෙසට මෙන්ම ආපන ශාලා සහ මත්පැන් අලෙවිසැල්වලට නියෝග කර ඇත්තේ මත්පැන් අලෙවිය රාත්‍රී 7 වනවිට නතර කළ යුතු බවයි.
එමෙන්ම ආපන ශාලා රාත්‍රී 8 වන විට වසා දැමිය යුතු බවට ද නියෝග කර ඇතැයි සඳහන්.
No comments: